රුපියල් කෝටි විසි තුනක් වටිනා "කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇමෙරිකානු ජාතිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ව්‍යාපාරිකයන් සදහා වූ රක්ත මාවත ( Red Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී 04/15 දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
31 හැවිරිදි මෙම ඇමෙරිකානු ජාතිකයා එරට ඉඩම් වෙළදාමේ නිරත සමාගමක සේවය කරන්නෙකි. ඔහු 04/15 දින උදෑසන 10.15 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 බැගින් වූ පැකට් 23 ලෙස සකස් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරිම සදහා රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සහ රේගු මාධ්‍යය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
තායිලන්තය තුළ මේ වනවිට ''කුෂ්" වැනි මත්ද්‍රව්‍ය නීත්‍යානූකූල ගත කර ඇති නිසා එවැනි මත්ද්‍රව්‍ය සුළභව එරට විවෘත වෙළෙද පොළ තුළින් සොයා ගත හැකි නිසා දැන් විශාල වශයෙන් තායිලන්තයේ සිට " කුෂ් , හෂීෂ් සහ කොකේන් " වැනි මත්ද්‍රව්‍ය ශ්‍රි ලංකාව තුළට රැගෙන ඒම ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඇති වී තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .